ඔස්ට්‍රේලියානුවන්ට වියදම් ඉහළ යන හේතුව

ඔස්ට්‍රේලියානුවන්ගේ මුදල් රහිත ගෙවීම් ක්‍රම සමඟ වියදම් ද ඉහළ යන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ මුදල් නොමැතිව අන්තර්ජාලය හෝ කාඩ්පත් මගින් සිදු කෙරෙන ගෙවීම් හේතුවෙන් මිනිසුන් වැඩි වශයෙන් වියදම් කිරීමට හුරුවී ඇති බවයි.

විශේෂයෙන් එදිනෙදා භාවිත කිරීමට යොදා ගන්නා ද්‍රව්‍යවලට මෙන්ම අත්‍යවශ්‍ය නොවන දෑ කෙරෙහි ද අන්තර්ජාල ගණුදෙනුවලදී වැඩිපුර වියදම් කිරීමට යොමුවන බව මෙහිදී සොයාගෙන තිබෙනවා.

මුදල් හා සසඳන විට මුදල් රහිත ගෙවීම් ආරක්ෂිත හා පහසු ක්‍රමයක් වුවද එහි වියදම පිළිබද එතරම් තැකීමක් එම අවස්ථාවේදී පාරිභෝගිකයින් සිදු නොකරන බවයි හඳුනාගෙන ඇත්තේ.

ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් පිරිසක් මෙම අධ්‍යනය සිදු කර තිබූ අතර සාම්ප්‍රදායික මුදල් මත පදනම් වු ගනුදෙනු මිනිසුන්ගේ මුදල් ඉතිරි කිරීමට පෙළඹවූ බව එමගින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ පමණක් නොව මුදල් රහිත ගණුදෙනුවලට ප්‍රමුඛත්වයක් දෙන ලොව සෑම රටකටම මෙම තත්වය පොදු වන අතර මෙම අධ්‍යයනය සිදු කිරීම සඳහා රටවල් 17 ක ප්‍රකාශිත සහ ප්‍රකාශයට පත් නොකළ පර්යේෂණ පත්‍රිකා 71ක් විශ්ලේෂණය කර තිබුණා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »