ශ්‍රී ලංකාව පැරදූ බංග්ලාදේශයට කඩුලු 2ක ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් කඩුලු 2ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 124ක් රැස් කළා.

පැතුම් නිස්සංක ලකුණු 47ක් රැස් කළ අතර නායක වනිඳු හසරංග කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

Mustafizur Rahman සහ Rishad Hossain කඩුලු 3 බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 8ක් දැවි ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Towhid Hridoy ලකුණු 40ක් සහ Litton Das ලකුණු 36ක් බැගින් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් ද දකුණු අප්‍රිකා කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා.

මේ අතර ඕස්ට්‍රේලියා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය එංගලන්තය සමග අද පැවැත්වෙන අතර එය මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ හෙට අලුයම 3.30ටයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »