පෘථිවියේ පළමු ඡායාරූපයේ හිමිකරුට දිවි අහිමි කළ ගුවන් අනතුර

නාසා ආයතනයේ ඇපලෝ 8 මෙහෙයුමේ ගගනගාමී විලියම් ඇන්ඩර්ස් ගුවන් අනතුරකින් මිය ගොස් තිබෙනවා.

විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු වන 90 හැවිරිදි ඔහුගේ පෞද්ගලික ගුවන් යානය වොෂින්ටන් ප්‍රාන්තයේ සැන් ජුවාන් දූපත්වලට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ ජලාශයකට වැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

ෆෙඩරල් ගුවන් සේවා සංගමය සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ Beech A45 වර්ගයේ ගුවන් යානයේ සිට ඇත්තේ නියමුවා පමණක් බවයි.

විලියම් ඇන්ඩර්ස් ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ අභ්‍යවකාශයේ සිට පෘථිවියට හිරු පායා එන ආකාරයේ Earthrise නම් වූ ප්‍රකට ඡායාරූපය ලබා ගැනීම හේතුවෙන්.

1968 වසරේදී අභ්‍යවකාශයේ සිට ඔහු පෘථිවියේ එම ඡායාරුපය ලබාගෙන තිබුණා.

විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු වන විලියම් ඇන්ඩර්ස් පවසා ඇත්තේ මෙම ඡායාරූපය Apollo 8 අභ්‍යවකාශ වැඩසටහන වෙනුවෙන් තමාට ලබාදීමට හැකි වූ වඩාත්ම වැදගත් දායකත්වයක් බවයි.

අභ්‍යවකාශයේ සිට ලබා ගත් පෘථිවියේ ප්‍රථම වර්ණ ඡායාරූපය වන මෙම ඡායාරූපය හේතුවෙන් මිනිසා පෘථිවියේ හැඩය පිළිබඳ පැවති මතවාද වෙනස් කිරීමට හැකි වූ නූතන ඉතිහාසයේ වැදගත්ම ඡායාරූපවලින් එකක් ලෙසට සැලකෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »