Search

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සබඳතා අලුත් වෙයි

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් කැන්බරාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව හමුවක් පවත්වා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සහකාර විදේශ අමාත්‍ය ටිම් වොට්ස් (Tim Watts) ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි අතර ෆෙඩරල් පාර්ලිමේන්තුව නියෝජනය කළ ශ්‍රී කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු ඇතුලු මන්ත්‍රීවරුන් ද මේ අවස්ථාවට එක්ව තිබීම විශේෂත්වයක්.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ මන්ත්‍රීවරුන් 15කට අධික සංඛ්‍යාවක් මේ සඳහා එක්වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සමීප සහයෝගීතාව වැඩි දියුණු කිරීම මෙහි අරමුණයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාංගනී වාගීස්වර විසින් මෙහිදී පසුගිය වසර පුරා ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති වූ වර්ධනයන් පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කර තිබෙනවා.

එහිදි අදහස් දක්වමින් සහකාර විදේශ අමාත්‍යවරයා කියා සිටියේ දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභය සඳහා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව පවතින අතර ඒ වෙනුවෙන් කටයුතු කිරීම වැදගත් බවයි.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනයට මහ කොමසාරිස් කාර්යාලය සමග එක්ව නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද එහිදී අදහස් ඉදිරිපත්වී තිබෙනවා.

උත්සවය අතරතුර, මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන පිළිබඳ කෙටි වීඩියෝ දර්ශන ද ප්‍රදර්ශනය කළ බව සඳහන්.

උත්සවය අවසානයේ පැමිණසිටි අමුත්තන් සදහා ශ්‍රී ලංකාවේ ප්‍රණීත රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ Ceylon black tea සංග්‍රහයක් ද හිමිව තිබුණා.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »