සිඩ්නි සහ අවට ජනතාවට අවදානයෙන් පසුවන්නැයි දැනුම්දීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි ඇතුලු ප්‍රදේශ රැසක ජනතාවට ගංවතුර සම්බන්ධයෙන් තවදුරටත් විමසිලිමත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

බටහිර සිඩ්නි ප්‍රදේශයේ ගංවතුර තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර එය අද පස්වරුව වන විට තරමක් දුරට පහව යා හැකි බවයි සඳහන් වන්නේ.

මෙම සතිය ආරම්භයේ සිට පැවති දැඩි වර්ෂාව ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200 කට වඩා වැඩි ප්‍රමාණයකින් වාර්තා වී තිබුණා.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රාජ්‍ය හදිසි සේවයේ වැඩබලන කොමසාරිස්වරයා පැවසුවේ අඟහරුවාදා පස්වරුවේ සිට සිඩ්නි සහ ඉලවාරා වෙරළ තීරය ආසන්නයේ හදිසි ඇමතුම් 850 කට තම සේවකයන් විසින් ප්‍රතිචාර දක්වා ඇති බවයි.

ගංවතුර තත්වය සම්පුර්ණයෙන් පහව යාමට තවත් දිනක් පමණ ගතවන බැවින් රථ වාහන ධාවනයේදී මාර්ග පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසටයි රියදුරන්ට දැනුම් දෙන්නේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »