නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ රිය අනතුරු මරණ ගැන අලුත් අනාවරණයක්

වසරේ මේ දක්වා ගතවු කාලසීමාව තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග ආශ්‍රිත සිදුවු අනතුරු වලින් පුද්ගලයින් 160 දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය දන්වා ඇත්තේ මාර්ග ආශ්‍රිත සිදුවන අනතුරුවලින් වැඩි ප්‍රමාණයක වගකීම රියදුරන් භාරගත යුතු බවයි.

මියගිය පුද්ගලයින් අතරට රියදුරන් 82ක් සහ මගීන් 23 දෙනෙකු ඇතුලත්.

තවත් පුද්ගලයින් 23 දෙනෙකු පා ගමනින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී අනතුරට ලක්ව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 2023 වසරේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිදුවු මාර්ග අනතුරු වලින් පුද්ගලයින් 9663 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ඒ අනුව රිය ධාවනයේ දී වගකීම් සහගත සහ ආරක්ෂාකාරී රිය ධාවනයෙහි නිරත වන ලෙසටයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර පාසැල් මට්ටමින් රියදුරු අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා විෂය මාලා පුලුල් කිරීම පිළිබඳව ද බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »