කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පන්දු රැකීමට තීරණය කරයි

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබදිමටයි.

අද තරගයට පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ඇන්ජෙලෝ මැතිව්ස්, දසුන් ශානක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ නුවන් තුෂාර කණ්ඩායමට එක්ව තිබෙනවා.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයට සාපේක්ෂව මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එම තරගයට ක්‍රීඩාකළ සදීර සමරවික්‍රම ඉවත් කර ඒ වෙනුවට කැඳවා ඇත්තේ තුන්ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වායි.

මෙම තරගය පැවැත්වෙන ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේ මේ දක්වා පවත්වා ඇත්තේ විස්සයි 20 තරග 03ක් පමණක් බව සඳහන්.

ඉන් අවසන් වරට පැවැත්වූ තරගය වන්නේ පාකිස්තානය හා ඇමරිකාව අතර තරගය වන අතර සුපිරි පන්දුවාරයක් දක්වා දිග හැරුණු එම තරගය ජයගත්තේ ඇමරිකානු කණ්ඩායමයි.

Dallasහිදී පැවැත්වෙන මෙම තරගය මෙවර පන්දුවාර 20 තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වන පළමු තරගයයි.

ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය පරාජයට පත්වූ අතර එම තරගය ප්‍රතිවාදී දකුණු අප්‍රිකා කණ්ඩායම ජය ගත්තේ කඩුලු 6කින්.

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »