Search

දියණිය බලන්න මෙල්බන් ආ ශ්‍රී ලාංකික මව දුර්ලභ රෝගයකින් අතකුත් අහිමි කරගෙන රෝහලේ ඇඳක් මත

පසුගියදා මෙල්බර්න් නුවර පදිංචියට පැමිණි ශ්‍රී ලංකික කාන්තාවක් දුර්ලභ රෝගී තත්වයක් වන buruli ulcer නොහොත් flesh-eating bug නම් රෝගයකට ගොදුරු වී ප්‍රතිකාර ලබමින් ඇතැයි මෙරට මාධ්‍ය වාර්තා පවසනවා.

74 හැවිරිදි කර්මෙල් රොද්‍රිගෝ (Carmel Rodrigo) නම් ඇය ශ්‍රී ලංකාවේ සිට පළමු වරට ඔස්ට්‍රේලියාවට පැමිණ මාස 6ක පමණ කාලයකට පසු හදිසියේ මෙලෙස අසනීප වූ බවයි දියණිය වන ගයාත්‍රි පෙරේරා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

මේ වන විට මෙම මව ශල්‍යකර්මයකට ද ලක්ව අසාධ්‍ය තත්ත්වයෙන් සන්ෂයින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

ඇය පසුගිය 2023 වසරේ මෙල්බන් වෙත පැමිණ ඇත්තේ සැමියා සහ කුඩා දරුවන් තිදෙනා සමඟ එහි පදිංචියට ගිය තම දියණිය ගයාත්‍රි පෙරේරා බැලීම සඳහායි.

එහි සිටින අතරවාරයේ හදිසියේ ඇති වූ උණ රෝගී තත්වයක් හේතුවෙන් මෙම මව පවුලේ වෛද්‍යවරයා වෙත පෙන්වීමට දියණිය පියවර ගෙන ඇති අතර තත්වය බරපතල වීම හේතුවෙන් ඇය රෝහල් ගත කරන ලෙසට දැනුම් දී තිබෙනවා.

සන්ෂයින් රෝහලේදී මෙය කිසියම් ආසාදනයක් බවට ප්‍රකාශ කර සැත්කමකට ද ලක් කිරීමෙන් දින තුනකට පසු වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ මෙය බුරුලි අල්සර් නම් රෝගී තත්වය බවටයි.

මෙම බැක්ටීරියා ආසාදනය මගින් තුවාල ඇති ස්ථානවල සෛල, කුඩා රුධිර වාහිනී සහ සමට යටින් ඇති මේදය විනාශ කර සම සහ මස් දිය කිරීමකට ලක් කෙරෙන රෝගී තත්වයක් ලෙසටයි සැලකෙන්නේ.

මවගේ ජීවිතය බේරා ගැනීමට කළ හැකි සෑම දෙයක්ම කරන බව ද වෛද්‍යවරුන් මෙම දියණියට ප්‍රකාශ කර තිබුණා .

ඇයගේ මව තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන අතර පසුගිය සතියේ ඇයගේ වම් අත කපා දැමීමට ද සිදුවී තිබෙනවා.

ඩොලර් 200,000කට වඩා වියදම් වන බවට ඇස්තමේන්තු කර ඇති වෛද්‍ය ප්‍රතිකාර සඳහා උපකාර කිරීම සඳහා අරමුදල් රැස් කිරීමට ද පියවර ගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා කළේ.

දරුවන් තිදෙනෙකු ද සමග මෙම අවස්ථාවේ තමන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටින එය දරාගත නොහැකි බව ද ගයාත්‍රි පෙරේරා ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පසුගිය වසරේ වික්ටෝරියා ප්‍රාන්තයේ බුරුලි අල්සර් රෝගීන් වාර්තාගත සංඛ්‍යාවක් වාර්තා වූ බවයි.

ප්‍රාන්තය පුරා රෝගීන් 363ක් පමණ හඳුනාගෙන ඇති අතර එය 2004 වසරෙන් පසු වාර්තා වූ ඉහළම අගය ලෙසටයි සැලකෙන්නේ.

මේ සදහා උපකාර කිරීමට කැමති අයෙක් වෙතොත් පහත Link එක හරහා ඊට සම්බන්ධ විය හැකියි.

https://www.gofundme.com/f/fundraiser-for-geeth-madushanka-victim-of-assault-in-icu

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »