සිඩ්නි අවට අධි අවදානම් ස්ථාන 20ක් ගැන අනතුරු ඇඟවීමක්

සිඩ්නි අගනුවර අධි අවදානම් වරාය තොටුවලවල් 20ක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

වරාය තොටුපලවල් සම්බන්ධව සිදු කළ සමාලෝචනයකදී හෙළිව ඇත්තේ අවදානම් සහිත තොටුපලවල් භාවිත කිරීම අනතුරුදායක බවයි.

Manly සහ Circular Quay ඇතුලුව සිඩ්නි අවට වඩාත් කැපී පෙනෙන තොටුපලවල් කිහිපයක් මෙලෙස අවදානම් වරාය තොටුපලවල් කාණ්ඩයට අයත්ව තිබෙනවා

ඊට අමතරව Neutral Bay, Luna park, White bay, Darling Harbour, Walsh Bay ද අවදානම් වරාය තොටුපල ලෙසයි නම් කර ඇත්තේ.

විශේෂයෙන් ඔපෙරා හවුස් අවට වානිජ බෝට්ටු, නැව්, ටග් යාත්‍රා සහ පාරු නිරන්තරයෙන් ගමන් කරන බැවින් පිහිනුම්වල නිරත වන්නන්ට අවදානම් තත්වයක් බව පෙන්වා දෙනවා.

ප්‍රාන්තයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවක් වන Beachwatch විසින් දිනපතාම ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව පිහිනන්නන්ට උපදෙස් දෙන අතර අධික වර්ෂාපතනයෙන් සහ වැසි ජලයෙන් ඇතිවන බැක්ටීරියා වැනි සාධක මගින් සිඩ්නි වරාය අවට ජලයේ අවදානම් තත්වයන් පවතින බවයි පැවසෙන්නේ.

අදාළ තොටුපලවල් අලුත්වැඩියා කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින අතර ඒ සඳහා කඩිනමින් කටයුතු කරන්නැයි අදාළ බලධාරීන් වෙත දැනුම් දී ඇති බව ද සඳහන්.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »