වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථාන තෝරන්න ජනතාවට අවස්ථාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉහළ සංචාරක ආකර්ෂණයෙන් යුත් ස්ථාන 17ක් නම් කිරීමට අදාළ මත විමසුමක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

සෑම වසරකම ප්‍රාන්තයේ හොඳම ස්ථාන සඳහා Top Tourism Town Awards සම්මානය හිමිවන අතර ඒ සඳහා වූ මූලික වටයෙන් මේ වන විට නගර 17ක් අවසන් වටය සඳහා ප්‍රකාශයට පත් කර ඇතැයි සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ සුන්දර නගර රැසක් ඇති අතර ඒවා සති අන්ත නිවාඩු ගත කරන්නන් අතර ඉතා ඇගයීමට ලක්ව තිබෙනවා.

Top Tourism Town සම්මානය ලබා දෙනු ලබන්නේ 5,000 කට වැඩි ජනගහනයක් සහිත කලාපීය නගර සඳහා වන අතර සංචාරක ආකර්ෂණය වැනි නිර්ණායක ද එහිදී පදනම් කර ගනු ලබනවා.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ සචාරක ආකර්ෂණය සහිත නගර අතර Ballarat, Bendigo, Mildura, සහ Shepparton වැනි නගර කිහිපයක්ම ඉදිරියට පැමිණ තිබෙනවා.

සංචාරක ව්‍යාපාරයට ඇති කැපවීම, දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය, දේශීය ව්‍යාපාර සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සහ සමස්තයක් ලෙස නගරයේ මූලික අවශ්‍යතා සැපිරීම යන නිර්ණායක මත පවනම්ව මෙම නගර පෙරමුණට පැමිණ ඇතැයි සඳහන්.

මේ සදහා මනාපය පලකිරීමට ලබන 24 වනදා තෙක් වික්ටෝරියා ප්‍රාන්ත ජනතාවට අවස්ථාව හිමිවන අතර vtic.com.au වෙබ් අඩවියට පිවිස මනාපය පළ කළ හැකියි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »