
වසර 25ක කාලයකට පසු දෙවන වරටත් ලොතරැයියක පළමු ත්‍යාගය ලැබූ පුද්ගලයෙක් පිළිබඳ සිඩ්නි නගරයෙන් වාර්තා වනවා.
ඔහු Lucky Lotteries Mega Jackpot දිනුම් ඇදීමෙන් ඩොලර් 200,000 කට වඩා වැඩි මුදලක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මීට වසර 25 කට පමණ පෙර ද තමා මෙම ලොතරැයියේ පළමු ත්‍යාගය දිනූ අතර තවත් ජයග්‍රහණයක් තමාට ලැබෙන බවට හැඟීමක් තිබූ බව ඔහු සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් තම ජීවිත කාලය තුළ දෙවරක් පළමු ත්‍යාගය දිනා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස නොකළ අතර ඩොලර් 202,014ක් හිමිවූ මෙම ජයග්‍රහණය පිළිබඳව ද අදහා ගැනීමට නොහැකි වූ බව ජයග්‍රාහකයා ප්‍රකාශ කළා.
Illawongහි පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයා පැවසුවේ තම ජයග්‍රාහී මුදල් පවුලේ අය සමඟ කාලය ගත කිරීමට භාවිතා කරන බවයි.

2023 වසරේදී ඔස්ට්‍රේලියාව පුරා වාසනාවන්ත ලොතරැයි පළමු ත්‍යාගය සහ ජැක්පොට් ජයග්‍රහණ 117ක් මගින් ඩොලර් මිලියන 20.6කට වඩා පාරිභෝගිකයන් අතර බෙදී ගොස් තිබෙනවා.