ලොව ධනවත්ම නගර 10 අතරට පැමිණි ඔස්ට්‍රේලියාවේ නගරය

Time Out සඟරාව විසින් 2024 වසරේ ලොව ධනවත්ම නගර පිළිබඳ නවතම වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ලොව ධනවත්ම නගර 10 අතරට ඇතුලත්ව ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය පමණයි. සිඩ්නි නගරය ලොව ධනවත්ම නගර ලයිස්තුවේ 8 වන ස්ථානයට පත්වී තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීම් අනුව මෙල්බන් නගරයට හිමිව ඇත්තේ 15 වන ස්ථානය වන අතර ලොව ධනවත්ම නගරය ලෙස නම් කර ඇත්තේ ඇමරිකාවේ නිව්යෝක් නගරයයි.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය හිමිකරගෙන ඇති අතර ජපානයේ ටෝකියෝ ලොව තුන්වන ධනවත්ම නගරය වනවා.

සිංගප්පුරුව සහ ලන්ඩන් යන නගරද ලොව ධනවත්ම නගර පහට ඇතුලත් වනවා.

සෑම වසරකම මෙලෙස ලොව ධනවත්ම නගර නම් කෙරෙන අතර නගරය තුළ වෙසෙන කෝටිපතියන් මෙන්ම ජනතාවගේ වත්කම් වැනි නිර්නායක මත ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලබනවා.

මෙම ශ්‍රේණිගත කිරීමට අනුව පර්ත් නගරය 34 වන ස්ථානයටත් බ්‍රිස්බේන් නගරය 42 වන ස්ථානයටත් පත්වී තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »