ශීත ඍතුවේ කාලගුණ වෙනසක් ගැන පූර්ව දැනුවත් කිරීමක්

මෙවර ඔස්ට්‍රේලියාවේ ශීත සෘතුව තුළ වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් පෙන්නුම් කරනු ඇති බව කාළගුණ විද්‍යා කාර්යාංශය පුරෝකතනය කර තිබෙනවා.

පසුගිය 2023 වසර ඔස්ට්‍රේලියාවේ ඉහළම උෂ්ණත්වයක් වාර්තා වූ ශීත සෘතුව ලෙසයි නම් කර තිබුණේ.

බටහිර ඔස්ට්‍රේලියාව වාර්තාගත වූ ඉහලම උෂ්ණත්වය සහිත කලාපය ලෙස පසුගිය වසරේ හඳුනා ගත් අතර එම අගය සටහන්ව තිබුනේ සෙල්සියස් අංශක 49.9ක් ලෙසයි.

එය මෙරට වාර්තා වූ ඉහළතම උෂ්ණත්ව අගය ද වනවා.

ඒ අනුව මෙවර දහවල් කාලය සහ රාත්‍රියේ සාමාන්‍යය උෂ්ණත්වය ඉහළ යාමට බොහෝ දුරට ඉඩ ඇති අතර, මධ්‍ය උපරිම සහ අවම උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකි බවටයි දැනුම් දෙන්නේ.

නිව් සවුත් වේල්ස්, ක්වින්ස්ලන්ඩ්, ටස්මේනියා, වික්ටෝරියා සහ දකුණු සහ බටහිර ඔස්ට්‍රේලියානු කලාපයේ නගර රැසකට ජුනි සහ අගෝස්තු මාස අතර වාර්තාගත උණුසුමක් පුරෝකතනය කර ඇති අතර පවතින උෂ්ණත්වය සිව් ගුණයකින් වැඩි විය හැකි බව සදහන්.

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළේ බොහෝ ප්‍රදේශවලට ජුනි මාසයේ සිට අගෝස්තු දක්වා සාමාන්‍ය වර්ෂාපතනයක් පුරෝකථනය කර තිබෙනවා. බටහිර සහ දකුණු ප්‍රදේශවල මෙන්ම ක්වීන්ස්ලන්ඩ්හි සාමාන්‍යය ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ඇතිවීමේ සම්භාවිතාවක් ද පවතිනවා.

එම කලාපවල හිම ක්‍රීඩා ලෝලීන්ට මෙය සුබ පණිවුඩයක් නොවන අතර හිමපතනයන් නොව එය වාර්ෂාපතනයක් ලෙස පැවතිය හැකි බවයි කාලගුණ අංශ පුරෝකතනය කර ඇත්තේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »