
මෙල්බර්න් නගර ආසන්නයේ පිහිටි දුම්කොළ අලෙවිසැල් දෙකකට අද අලුයම කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
හදිසි සේවා කණ්ඩායම් සඳහන් කළේ අද අලුයම 3ට පමණ ෆුට්ක්‍රේ ප්‍රදේශයේ එක් වෙළඳ සැලකට ගිනි තබා ඇති බවයි.
එම ගබඩාවට ගිනි තැබීමට පෙර සැකකරුවන් පැමිණි මෝටර් රථයක් ද වෙළඳ සැලේ දොරේ ගැටී අනතුරට ලක්වී ඇතැයි සඳහන්.

අපරාධකරුවන්ගේ ගිනි තැබීම සාර්ථක වී නොමැති අතර ඔවුන් වෙනත් මෝටර් රථයකින් එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.
අනෙක් ගිනි තැබීම වාර්තා වී ඇත්තේ අලුයම 4.30 ට පමණ කෝබර්ග්හි වෙළඳ සැලක වන අතර පොලිසිය සැක කරන්නේ අපරාධකරුවන් වෙළඳසැලට ඇතුළු වී ගිනි තබා ඇති බවයි.

විනාඩි කිහිපයකට පසු ගිනි නිවන භටයින් පැමිණ එම ගින්න මැඩ පවත්වා තිබෙනවා.
මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන්ම වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අනාවරණ වී නැහැ.