
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඇද හැලෙන වර්ෂාව තවදුරටත් පවතින බැවින් සිඩ්නි නගරයට දකුණින් පිහිටි ඇතැම් ප්‍රදේශවල ජනතාවට ඉවත් වීමට සූදානම් වන ලෙස දැනුම් දී තිබෙනවා.
හදිසි සහන සේවා කණ්ඩායම් නිලධාරීන් අද උදෑසන පික්ටන් හි පදිංචිකරුවන්ට දැනුම් දී ඇත්තේ ගංවතුර අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින් ඉවත් වීමට සූදානම් වන ලෙසයි.
සිඩ්නි හි නිරිතදිග ප්‍රදේශයේ, චිපින් නෝටන් ජනතාවට ද ගංවතුර ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඉවත් වීමට සූදානම් වන ලෙස දන්වා තිබෙනවා.

නිව්බ්‍රිජ් රෝඩ්, රිවර්සයිඩ් රෝඩ්, චයිල්ඩ්ස් රෝඩ් සහ රිකාඩ් රෝඩ් මෙන්ම රොබින්සන් ඩ්‍රයිව් ද අවදානම් ප්‍රදේශවලට ඇතුලත් බව සඳහන්.
පසුගිය පැය 24 තුළ මිලිමීටර් 160ක වර්ෂාපතනයක් ලැබීමෙන් පසු හෝක්ස්බරි සහ නේපීන් ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් පවතිනවා.

ඉලවාරා ප්‍රදේශයේ මිලිමීටර් 80 ට වඩා වැඩි වර්ෂාපතනයක් වාර්තා වූ අතර සිඩ්නි අගනගර ප්‍රදේශය මිලිමීටර් 50 දක්වා වැසි පතිත වී තිබුණා.
අගමැති ක්‍රිස් මින්ස් පැවසුවේ වැසි තත්ත්වය සහ හදිසි ගංවතුර තත්ත්වය තවත් දින කිහිපයකින් පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ගංවතුර තුල රථ වාහන ධාවනයෙන් වලකින ලෙසට සහ කාලගුණ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසු විය යුතු බව ද ඔහු අවධාරණය කළා.