Search

සිඩ්නි සහ ඒ අවට පාසල් ළමයින් අතර පැතිර යන රෝගී තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පාසල් යන වයසේ ළමයින් අතර අසාමාන්‍ය ලෙස කක්කල් කැස්ස පැතිර යාම ඉහළ ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මේ වසරේ පෙබරවාරි මාසයේ සිට රෝගීන් වැඩිවෙමින් පවතින අතර මැයි මාසයේදී රෝගීන් 1135ක් වාර්තා වී තිබුණා.

2023 වසරේ සිට කක්කල් කැස්ස අසාදනය වීම වැඩිවෙමින් පවතින අතර එම තත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

විශේෂයෙන්, වයස අවුරුදු පහ සහ 15 අතර ළමුන් අතර මෙම කැස්ස රෝගී තත්වය පැතිරීම වේගවත් වී ඇතැයි සඳහන්.

මෙම තත්වය සම්බන්ධයෙන් සිඩ්නි සහ ඒ අවට පාසල් කිහිපයක දෙමාපියන්ට පාසල්වලින් අනතුරු ඇඟවීම් සිදු කර ඇති අතර ඔවුන්ට දැනුම් දී ඇත්තේ ශ්වසන අපහසුතා රෝග ලක්ෂණ ඇති ඕනෑම දරුවෙක් පාසලට එවීමෙන් වැලකී සුදුසු වෛද්‍ය උපදෙස් සහ පරීක්ෂණ සිදු කළ යුතු බවයි.

2020 සහ 2021 වසරවලදී කක්කල් කැස්ස ආසාදිතයන්ගේ අනුපාතය විශාල වශයෙන් පහත වැටුණු අතර 1991 දී රෝගය සම්බන්ධ වාර්තා ආරම්භ වූ දා සිට වාර්තා වූ අඩුම අනුපාතය සටහන් වන්නේ 2021 වසරේදී යි.

වර්තමානයේ ජනගහනය තුළ ප්‍රතිශක්තිය අඩුවීමත් සමඟ සාමාන්‍යයෙන් සෑම වසර කිහිපයකට වරක් මෙලෙස රෝගීන් වාර්තා වීම ඉහළ යාමක් සිදුවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »