ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන්ට තවත් ගැටලුවක්

කුලී නිවාසවල මාසික ගාස්තු ගෙවීම සඳහා තුන්වන පාර්ශවයක් වන යෙදවුම් (App) තහනම් කරන්නැයි ඉල්ලා පිරිසක් මාර්ගගත පෙත්සමක් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

කුලී නිවැසියන් පවසන්නේ වසරකට ඩොලර් සිය ගණනක ගාස්තු අය කෙරෙන තෙවන පාර්ශවීය රෙන්ට් ටෙක් (Rent Tech) යෙදුම් හරහා තම කුලිය ගෙවීමට සිදුවීමෙන් දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවයි.

කුලී ගෙවීම සඳහා අදාළ යෙදුම් භාවිතා කරන ලෙස බලපෑම් කිරීමට දේපල හිමිකරුවන්ට අයිතියක් ඇති, නීති වෙනස් කරන ලෙස ඉල්ලා සිටිමිනුයි කුලී නිවැසියන් 7000 කට වැඩි පිරිසක් මාර්ගගත පෙත්සම අත්සන් කිරීමට පියවර ගෙන ඇත්තේ.

ඇතැමුන් චෝදනා කරන්නේ සතියකට ඩොලර් 900ක් පමණ වන කුලී මුදලක් ගෙවීමේදී මෙම යෙදවුම් වෙත ඩොලර් 54ක පමණ අමතර මුදලක් ද එකතු වන බවයි.

මෙය කුලිය ගෙවීම සඳහා වූ ගාස්තු ආකාරයෙන් වැඩි මුදලක් ලබා ගැනීමට උත්සාහ කිරීමක් බවට කුලී නිවැසියන් චෝදනා කරනවා.

කෙසේවෙතත් එවැනි යෙදවුම් සම්පාදනය කරනු ලබන ඇතැම් සමාගම් පවසන්නේ ජනතාවට කුලී මුදල් ගෙවීම සඳහා තමන් අමතර ගාස්තුවක් අය නොකරන බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත සහ ෆෙඩරල් රජය මැදිහත් වී කුලී නිවාස කර්මාන්තය සක්‍රීයව නියාමනය කළ යුතු බව ජනතාවගේ ඉල්ලීම වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »