එළඹෙන ශීත ඍතුවේ විදේශ සංචාර සැලසුම් කරන වික්ටෝරියානු ජනතාව එම සංචාරයන්ට පෙර සරම්ප සහ එම් පොක්ස් හෙවත් මන්කි පොක්ස් එන්නත් ලබා ගැනීම අනිවාර්ය බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
විදෙස් සංචාරවලින් පසු සරම්ප සහ mpox ආසාදන සමඟ වික්ටෝරියා ප්‍රාන්තය වෙත පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වැඩි වීම හේතුවෙනුයි මෙම සෞඛ්‍ය උපදෙස් නිකුත් කර ඇත්තේ.
මේ වසරේ ගතවූ කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සරම්ප රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 5 දෙනෙකු විදෙස් සංචාරවල නිරතව නැවත පැමිණි අය වන අතර අනෙක් 5 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් බව සඳහන්.
මේ අතර දේශීයව පැතිරී යන mpox රෝගයක් ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා .
වික්ටෝරියානු ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ක්ලෙයාර් ලුකර් පැවසුවේ විදේශ සංචාර සැලසුම් කරන ඕනෑම අයෙකු තම ටිකට්පත් වෙන්කරවා ගැනීමට පෙර තම වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගත යුතු බවයි.
ආරක්ෂාව සහතික කිරීම සඳහා සංචාරය කිරීමට සති 8කට පමණ පෙර තම වෛද්‍යවරයා හමුවීම වඩාත් සුදුසු බව ඔහු අවධාරණය කළා.