සිඩ්නිවලින් පිටත් වූ ගුවන් යානයකට කරදරයක්

සිඩ්නි සිට ඕක්ලන්ඩ් බලා පිටත්ව ගිය Qantas ගුවන් යානයක් යළිත් හදිසියේම සිඩ්නි ගුවන්තොටුපල වෙත ගොඩබස්වා තිබෙනවා.

අද පෙරවරු 7 ට පමණ සිඩ්නි සිට පිටත් වූ මෙම ගුවන් යානයේ පක්ෂීන් සමූහයක් ගැටීමෙන් මෙලෙස හදිසි ගොඩ බැස්වීමක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

QF141 දරන ගුවන් යානය අද පෙරවරුවේ ඕක්ලන්ඩ් වෙත පැමිණීමට විනාඩි 30කට පමණ පෙර මෙම අනතුරුදායක තත්වයට මුහුණ දී තිබෙනවා.

මේ හේතුවෙන් ගුවන් යානය පැය දෙකකට පමණ පසු යළිත් සිඩ්නි ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්වූ බව සඳහන්.

පක්ෂීන් ගැටීම හේතුවෙන් යානයට කිසියම් හානියක් සිදුවී ඇත්ද යන්න මෙතෙක් හෙළිවී නොමැති අතර මගීන්ට හෝ කාර්ය මණ්ඩලයට තුවාල සිදුවීමක් වාර්තා වී නැහැ.

යානයේ සිටි මගීන් වෙනත් ගුවන් යානා මගින් ඕක්ලන්ඩ් වෙත පිටත් කර හැරීමට පියවර ගන්නා බවයි ක්වන්ටාස් බලධාරීන් සඳහන් කළේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »