වික්ටෝරියානු ජනතාවට පොලිසිය එපා වෙයි?

වික්ටෝරියා ප්‍රාන්තයේ මහජනතාවට පොලිසිය කෙරෙහි ඇති විශ්වාසය සහ කැමැත්ත වාර්තාගත ලෙස පහත වැටී ඇති බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණයකට සහභාගීවූවන්ගෙන් සියයට 58ක් වික්ටෝරියානු පොලිස් සේවා පිළිබඳ සෑහිමකට පත්වන අතර තවත් සියයට 42ක් සදහන් කර තිබුණේ සෑහීමක් නොමැති බවයි.

ඒ අනුව වික්ටෝරියානු පොලිස් සේවය සම්බන්ධයෙන් මහජන තෘප්තිය සහ විශ්වාසය පසුගිය වසරට සාපේක්ෂව සියයට 73ක පහත වැටීමක් මෙවර පෙන්නුම් කර තිබෙනවා.

සමීක්ෂණ ප්‍රතිඵල සියයට 80ත් 82ත් අතර ඉහළ අගයක පවත්වාගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් වික්ටෝරියානු පොලිසියේ ද අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියා මහජනතාවගේ තෘප්තිය සහ පොලිස් බලකාය පිළිබඳ විශ්වාසය පිළිබද වාර්තා තබා ගැනීම ආරම්භ කළ දින සිට එහි පහළම මට්ටමට ඇද වැටුනු පළමු අවස්ථාව මෙය බවද සඳහන්.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »