මෙල්බන්වලට එන්න තියෙන Disneyland එක වෙනත් ප්‍රාන්තයකට යන ලකුණු?

ඔස්ට්‍රේලියාවේ Disneyland අත්දැකීම ලබාදීමට තවත් ප්‍රාන්තයක් සූදානම්වී තිබෙනවා.

ඒ අනුව මෙල්බන් නගරය අවට මෙන්ම ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ද ඒ සඳහා වඩාත් ආකර්ෂණීය ස්ථාන පවතින බවයි ගෝල්ඩ් කෝස්ට් නගරාධිපති ටොම් ටේට් ප්‍රකාශ කර ඇත්තේ.

වික්ටෝරියා මන්ත්‍රී ඩේවිඩ් ලිම්බ්‍රික් (David Limbrick) විසින් පසුගියදා මෙල්බර්න් හි ස්ථාන 3ක් යෝජනා කරමින් Disneyland නිර්මාණය කිරීමට සුදුසු බව පෙන්වා දී තිබුණා.

ඔහුගේ ඉදිරිපත් කිරීමෙන් දින කිහිපයකට පසු ගෝල්ඩ් කෝස්ට් නගරාධිපති ටොම් ටේට් පැවසුවේ තම නගරය ද Disneyland අත්දැකීමක් සඳහා සුදුසු බවයි.

පසුගිය වසර 30 තුළ විනෝද උද්‍යාන සඳහා ගමනාන්තයක් ලෙස ගෝල්ඩ් කෝස්ට් ප්‍රසිද්ධියට පත්ව ඇති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම නගරාධිපතිවරයා පෙන්වා දෙන්නේ ගෝල්ඩ් කෝස්ට් නගරය මේ වන විටත් විනෝදාස්වාදය ගෙන එන ක්‍ෂේත්‍ර රැසකට ආයෝජනය කර ඇති බවයි.

වික්ටෝරියානු මන්ත්‍රී ඩේවිඩ් ලිම්බ්‍රික්ගේ යෝජනාව ද ඇතුලුව මේ සම්බන්ධයෙන් වෝල්ටර් ඩිස්නි සමාගම හා සාකච්ඡා කිරීමට ෆෙඩරල් රජය කටයුතු කිරීම වඩාත් ඵලදායි බවයි ටොම් ටේට් සඳහන් කළා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »