මෙල්බන් සහ සිඩ්නි සිට නව ගුවන් සේවාවක් ඇරඹෙයි

මෙල්බන් සිට වියට්නාමය දක්වා පහසු මිල ගණන් යටතේ නව ගුවන් ගමන් වාරයක් ආරම්භ කර තිබෙනවා.

හැනෝයි (Hanoi) සිට පැමිණි වීජෙට් (Vietjet) නව ගුවන් ගමන්වාරය පසුගිය අඟහරුවාදා මෙල්බන් ගුවන් තොටුපළට ගොඩ බැස තිබුණා.

මෙම ගමන් වාරය සෑම අඟහරුවාදා සහ සෙනසුරාදා දිනකම නගර දෙක කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙන අතර
සිඩ්නි සහ හැනෝයි අතර නව ගුවන් ගමනක් ද අද (07) ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව ඩොලර් 199ක මිළකට මෙම ගුවන් සේවයේ ආසන වෙන්කර ගැනීමට සංචාරකයින්ට අවස්ථාව හිමිවනවා.

මෙහිදී ඔස්ට්‍රේලියාව සහ වියට්නාමය අතර සියලුම ගුවන්ගමන් අතරතුර අමතර කිලෝග්‍රෑම් 20ක් රැගෙන යෑමට ද ගුවන් මගීන්ට අවස්ථාව පවතින බව සඳහන්.

මීට අමතරව ගුවන් යානය තුළ උණුසුම් ආහාර වේලක් ලබා ගැනීමේ සුවිශේෂි අවස්ථාව ද හිමිවන බවයි නිවේදනය කර ඇත්තේ.

ව්‍යාපාරික පන්තියට සුවිශේෂී පිරික්සුම් මාර්ගයක්, ප්‍රමුඛතා මංතීරු, ව්‍යාපාරික විවේකාගාර මෙන්ම උණුසුම් සහ නැවුම් ආහාර වර්ග ගුවන් ගමන පුරාවටම ලබා ගත හැකියි.

ඒ අනුව මෙල්බන්, සිඩ්නි, බ්‍රිස්බේන්, පර්ත් සහ ඇඩිලේඩ් යන අගනගරවලින් හැනෝයි වෙත ගුවන් ගමන්වාර සිදු කෙරෙන අතර ඔස්ට්‍රේලියාව සහ වියට්නාම් අතර වෙළදසබදතා ශක්තිමත් කිරීම මෙහි අරමුණයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »