
ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ උපායමාර්ග හදුන්වාදීමේ අරමුණ සංක්‍රමණිකයන් අඩු කිරීම සහ ජාත්‍යන්තර සිසුන්ට අවස්ථාව ලබාදීම අඩු කිරීම බව විචාරකයින් පවසනවා.
විශේෂයෙන් රට තුළ පවතින කුලී නිවාස සඳහා වූ තරඟකාරිත්වය ලිහිල් කිරීම ද මෙහි තවත් අරමුණක් බව සදහන්.
ඔස්ට්‍රේලියාවේ ජනගහනය 2025 සහ 2026 කාලසීමාව තුල සියයට 1.4ක වාර්ෂික අනුපාතයකින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

ඒ අනුව 2034 වන විට ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 30.9 දක්වා ඉහළ යනු ඇතැයි ෆෙඩරල් රජය අපේක්ෂා කරන අතර එම තත්වය පාලනය සදහා මෙලෙස සංක්‍රමණ තහනම් පැනවීමට රජය ක්‍රියා කරන බවයි විචාරකයින් පවසන්නේ.
ජනගහන වර්ධනය දිගු කලක් තිස්සේ මෙරට ආර්ථිකයට බලපෑමක් වන අතර, භාණ්ඩ හා සේවා සඳහා වන බලපෑම් ද මෙහිදී අවධානයට ලක්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වේගවත් ජනගහන වර්ධනය රටේ දේපල වෙළඳාම් කර්මාන්තයේ තීරණාත්මක සාධකයක් බවට ද පත්ව තිබෙනවා.
ඒ අනුව විචාරකයින් පෙන්වා දෙන්නේ නව සංක්‍රමණ මූල්‍ය උපායන් මෙරට ජනගහන වර්ධනය අඩු කිරීමේ අරමුණින් නිර්මාණය වූවක් බවයි.