Search

ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව වාර්තා අතරට

ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව වන ජීනා රයින්හාට්ගේ (Gina Rinehart) ධනය ඩොලර් බිලියන 40 ඉක්මවා ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඩොලර් බිලියන 40කට වඩා වැඩි ශුද්ධ වත්කමක් සහිත පළමු ඔස්ට්‍රේලියානු ජාතිකයා බවට ඇය වාර්තා අතරට එක්ව ඇති බවයි පැවසෙන්නේ.

පතල් කර්මාන්ත ක්ෂේත්‍රයේ අධිපතිනියක් වන Gina Rinehart ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව ලෙස සිය ආධිපත්‍ය කාලයක් පුරා පවත්වාගෙන යමින් තිබුණා.

ඔස්ට්‍රේලියානු මූල්‍ය සමාලෝචන වාර්තා අතර ඔස්ට්‍රේලියානු ධනවතුන්ගේ ලැයිස්තුවේ අඛණ්ඩව පස්වන වසරටත් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට Gina Rinehart සමත්ව තිබෙනවා.

පසුගිය 2023 වසරේ මේ දක්වා කාලසීමාව තුළ ඇගේ වත්කම තවත් ඩොලර් බිලියන 3.2කින් ඉහළ ගොස් ඇතැයි සඳහන්.

70 හැවිරිදි Gina Rinehart ලෝක ධනවතුන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට ද ඇතුළත්.

ඔස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයින් 200 දෙනාගේ වත්කම ඩොලර් බිලියන 625ක් වන අතර පසුගිය වසර තුළ ඔවුන්ගේ ධනය සියයට 11කින් වර්ධනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ධනවතුන් 10 දෙනාගෙන් 5 දෙනෙකුම පතල් කර්මාන්තයේ නිරත වන්නන් වීම තවත් විශේෂත්වයක්.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »