Search

ඔස්ට්‍රේලියාවේ මරණවලට ප්‍රධානතම හේතු හෙළිවේ

ඔස්ට්‍රේලියානුවන්ගේ මරණවලට ප්‍රධාන වශයෙන් හේතුවන රෝගාබාධ ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳ සෞඛ්‍ය අංශ නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.

2022 වසරේදී ඕස්ට්‍රේලියානුවන් 40,000කට ආසන්න සංඛ්‍යාවක් මිය යාමට ප්‍රධාන හේතුව වූයේ හෘද රෝග බවයි හෙළිවී ඇත්තේ.

එය අනෙක් සියලු රෝගාබාධවලින් මියයන සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ලෙසටයි සැලකෙන්නේ.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනයේ (AIHW) නව වාර්තාවක දක්වෙන්නේ මෙම තත්ත්වය සමස්ත මරණවලින් සියයට 20 ක පමණ ප්‍රමාණයක් බවයි.

හෘද රෝග වැඩිම මරණවලට හේතුව වන අතර, ඩිමෙන්ශියාව, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ශ්වසන ආසාදන වැනි රෝග ද ඔස්ට්‍රේලියානුවන්ගේ මරණවලට හේතු ලෙසට හඳුනාගෙන තිබෙනවා.

මෙම වාර්තාව සම්පාදනය කර ඇත්තේ මරණ සහතිකවල ලැයිස්තුගත කර ඇති සියලුම කරුණු සොයා බැලීමෙන් අනතුරුවයි.

අධි රුධිර පීඩනය, දියවැඩියාව, මත්පැන් භාවිතය සම්බන්ධ රෝගී තත්වයන්, COVID-19 සහ වෙනත් සාධක ද මරණ සහතිකයේ සටහන් විය හැකි බව සමීක්ෂකයන් පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා හඳුන්වා දී ඇති සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් උපාය මාර්ග සඳහා මෙවැනි වාර්තා උපකාරී වනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කරනවා.

සමීක්ෂකයන් පෙන්වා දෙන්නේ මෙමගින් ජනතාවට වැඩි අවදානමක් ගෙන එන රෝග තත්වයන් පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි අතර රෝගවල බලපෑම අවම කිරීම වෙනුවෙන් සෞඛ්‍ය ක්‍රමවේද ප්‍රවර්ධනයට ද එය දායක වන බවයි.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »