වික්ටෝරියා ප්‍රාන්තයේ ගෑස් ගැටලුවට ලැබෙන්න යන විසඳුම

වික්ටෝරියා ප්‍රාන්තය වසර ගණනාවකට පසු පළමු වරට ගෑස් ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.

ප්‍රාන්තයේ නිරිතදිග ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට යෝජිත ප්‍රථම ගෑස් නිස්සාරණ ව්‍යාපෘතිය සඳහා වන අයදුම්පත මෙලෙස අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපෘතිය මගින් ලබන 30 වනදා සිට පෝට් කැම්බල් අසල Otway ද්‍රෝණියේ ඇති ගෑස් Beach Energy සමාගම විසින් නල මාර්ගයක් ඔස්සේ බෙදා හැරීමට නියමිතයි.

2014 වසරෙන් පසු ප්‍රාන්තයේ නව ගෑස් ව්‍යාපෘතියක් සඳහා ඉදිරිපත් වූ පළමු යෝජනාව මෙය ලෙසට සැලකෙනවා.

ප්‍රාන්ත රජය පැවසුවේ මෙම ව්‍යාපෘතියේ ගෑස් පළමුවෙන් වික්ටෝරියානු නිවාස සහ ව්‍යාපාර සඳහා භාවිතා කිරීමට අදහස් කරන බවයි.

මේ අතර ගෑස් බලපත්‍රයක් නිකුත් කර දශකයක් ගතවී ඇතත් නව ව්‍යාපෘති අනුමත නොකරන බවට එල්ල වන චෝදනා ප්‍රාන්ත අගමැතිනි ජසින්ටා ඇලන් ප්‍රතික්ෂේප කරනවා.

ඇය පෙන්වා දී ඇත්තේ Beach Energy සමාගමේ ව්‍යාපෘතිය 2014 වසරෙන් පසු රජයට ලැබුණු පළමු යෝජනාව බවයි.

මේ අතර ඉදිරියේදී වික්ටෝරියා ප්‍රාන්තයේ මෝට්ලේක් හි නව සුළං බලාගාරයක් සහ ග්ලෙන්රෝවන් හි නව සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් මගින් ද ප්‍රාන්තයේ බලශක්ති ගැටලුවට විසඳුම් සෙවීමට රජය පියවර ගෙන තිබෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »