වැඩිහිටියන්ගේ නොසැලකිල්ල වික්ටෝරියා ප්‍රාන්ත දරුවෙකුගේ ජීවිතයෙන් අවසන් වෙයි

වැඩිහිටියන්ගේ නොසැළකිල්ල හේතුවෙන් අවුරුදු 2ක් වයසැති කුඩා දරුවෙක් දියේ ගිළි මියයෑමේ පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong ප්‍රදේශයෙන් වාර්තා වනවා

ප්‍රදේශයේ පිහිටි කුඩා ජලාශයකට වැටීමෙන් මෙම දරුවා මරණයට පත්වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය 4වනදා සවස 5.30ට පමණ දරුවා නිවස තුළ නොමැතිවීම හේතුවෙන් මව දරුවා පිළිබඳ සොයා බලා තිබුණා.

අනතුර වන අවස්ථාවේදී දරුවා ඔහුගේ සුරතලා වන බලු පැටවා සමග ඇවිදිමින් සිටිනු මව දැක තිබුණු අතර එය සාමාන්‍ය සිදුවීමක් හේතුවෙන් ඇය වැඩිදුර සොයා බලා නැහැ.

ඉන් ටික වේලාවකට පසු සිරුර ජලයෙන් තෙත්වූ බලු පැටවා නිවස වෙත පැමිණ තිබූ බැවින් මව කලබලයට පත්ව වේල්ල දෙසට දිව ගියද දරුවා සොයා ගැනීමට නොහැකි වී තිබුණා.

පසුව වික්ටෝරියා පොලිසියට කළ දැනුම් දීමකට අනුවයි පොලිසියේ ද සහාය සහිතව රාත්‍රියේදී දරුවාගේ සිරුර සොයාගෙන ඇත්තේ.

මෙවැනි සිදුවීම් හමුවේ දෙමාපියන් තම දරුවන් ගැන නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බව වික්ටෝරියා පොලිසිය දෙමාපියන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »

වෙනස් කළ Student Visas නීති ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ පැහැදිළි කිරීමක්

Visitor Visa සහ Student Visas වෙනුවෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Read More »