Search

වික්ටෝරියා ප්‍රාන්තයේ රථ වාහන ධාවනයට අදාළව තීරණ කිහිපයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් ප්‍රාන්තය පුරා නව වැඩපිලිවෙලක් රථවාහන අංශ සහ පොලිසිය එක්ව ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබා දෙමින් ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම, අහඹු ශ්වසන පරීක්ෂාවන් සිදු කිරීම සහ නීතිගත කිරීම, ප්‍රාන්තය පුරා වේග සීමා නිරීක්ෂණ කැමරා හඳුන්වාදීම ඇතුළු ප්‍රතිපත්ති මේ යටතේ ප්‍රමුඛ වනවා.

2050 වසර වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග අනුතුරුවලින් සිදුවන මරණ අවම කිරීම මෙහි අරමුණ වන අතර 2030 වසර වන විට දැනට පවතින මාර්ග අනතුරු මරණ සංඛ්‍යාව හරි අඩකින් අඩු කිරීම එහි අරමුණයි.

වික්ටෝරියානු ප්‍රජාව තුළ මාර්ග ආරක්ෂාව පිළිබඳ සංස්කෘතියක් ඇති කරමින් මාර්ග ආශ්‍රිතව සිදුවන මරණ සහ බරපතල තුවාල සිදුවීම් අවම කිරීමට අදාළ මූලෝපායන් සැලසුම් කරමින් පවතිනවා.

ජනතාව දැනුවත් කිරීම, මහා මාර්ග රථ වාහන ධාවනයට සුදුසු අයුරින් සකස් කිරීම සහ වාහනවල තත්වය නිසි පරිදි නඩත්තු කරගැනීමට උපදෙස් දීම මෙන්ම අනාරක්ෂිත වාහන මාර්ගවලින් ඉවත් කිරීම ද මෙහිදී සිදු කෙරෙන බව සඳහන්.

එසේම රැකියාව සඳහා මාර්ගය භාවිතා කරන අයගේ ආරක්ෂාව වැඩි කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම සඳහා ප්‍රවාහන දෙපාර්තමේන්තුව, වික්ටෝරියා පොලිසිය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ද එක්ව කටයුතු කරනු ලබනවා.

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »