ඕමානයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 39ක ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් ලකුණු 39ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

බී කාණ්ඩය යටතේ Bridgetown හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඕමාන කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස් කළා.

ඩේවිඩ් වෝනර් ලකුණු 56ක් සහ Marcus Stoinis නොදැවී ලකුණු 66ක් ලබා ගත්තා. Mehran Khan කඩුලු 2ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 125ක් පමණයි.

ඔස්ට්‍රේලියා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය ලබන 8 වනදා එංගලන්තය සමග පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »

වෙනස් කළ Student Visas නීති ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ පැහැදිළි කිරීමක්

Visitor Visa සහ Student Visas වෙනුවෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Read More »