Search

ශ්‍රී ලංකාවට ඉන්ධන බෙදන්න ඔස්ට්‍රේලියාව සූදානම්

ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම (United Petroleum Australia) ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය වෙනුවෙන් ඩොලර් මිලියන 27.5ක් ආයෝජනය කිරීමේ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමග අත්සන් කරන ලද ගිවිසුමක කොටසක් ලෙසටයි එම සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ.

ආයෝජන මණ්ඩලයට සඳහන් කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම අදාළ ගිවිසුම හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 27.5ක මූලික ආයෝජනයක් සිදු කර ඇති බවයි.

ශ්‍රී ලංකාව පුරා දැනට පවතින ඉන්ධන පිරවුම්හල් 150ක් රජයට පවරා ගන්නා අතර නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමේ අයිතියද යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට හිමිව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට පැමිණ ඇත්තේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන වෙළෙඳපොළ විදේශීය සමාගම්වලට විවෘත කිරීමෙන් පසුවයි.

United Petroleum Australia යනු ඕස්ට්‍රේලියාව පුරා ඉන්ධන පිරවුම්හල් 500කට අධික සංඛ්‍යාවක් ඇති ප්‍රමුඛතම ඛනිජ තෙල් වෙළඳ සංස්ථාව ලෙසටයි සැලකෙන්නේ.

යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් නමින් සමාගමක් පිහිටුවා ඇති අතර එහි අධ්‍යක්ෂවරයා ලෙස CEYPETCO හි හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ වෘත්තිකයෙකු වන ආචාර්ය ප්‍රභාත් සමරසිංහ පත් කර තිබෙනවා.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »