
නවතම QS ලෝක විශ්ව විද්‍යාල වර්ගීකරණයට අනුව, ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1000 යටතට නම් කර තිබෙනවා.
එම ශ්‍රේණිගත කිරීම මගින් ශ්‍රී ලංකාවේ අංක 1 විශ්ව විද්‍යාලය ලෙසට ද නම් කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයයි.
QR world university rankings අනුව එම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට මෙවර ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුනක් ඇතුළත් ව තිබීම විශේෂත්වයක්.

මීට පෙර වසරේ නිකුත් කෙරුණු ශ්‍රේණිගත කිරීම අනුව 1001ත් 1200ත් අතර පැවති කොළඹ සරසවිය මෙවර ප්‍රථම වරට 951ත් 1000ත් අතරට තේරී පත් ව තිබෙනවා.
පසුගිය වසරේ එම ලැයිස්තුවට ඇතුළත් නොවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ද 1201ත් 1400ත් අතරට තේරී පත්ව තිබීම විශේෂත්වයක්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය පසුගිය ශ්‍රේණිගත කිරීම්වල පැවති ස්ථානය එපරිද්දෙන් ම පවත්වා ගෙන 1201ත් 1400ත් අතර මෙවරත් රැඳී සිටිනවා.
2025 වසර සඳහා පසුගියදා නිකුත් කෙරුණු මෙම ශ්‍රේණිගත කිරීමට ලොව පුරා ස්ථාන 106කින් ලියාපදිංචි අධ්‍යාපන ආයතන 1,503ක් යොදාගෙන තිබෙනවා.
QS ශ්‍රේණිගත කිරීම් සැලකෙන්නේ විශ්ව විද්‍යාල සඳහා ගෝලීයව ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ලෙසටයි.
පර්යේෂණ සහ සොයාගැනීම්, සේවා නියුක්තිය සහ ප්‍රතිඵල, අධ්‍යාපනය ලබාදීමේ පළපුරුද්ද, ගෝලීයව පවතින පිළිගැනීම නියැලීම සහ තිරසාර බව මත පදනම්ව විශ්ව විධයල කාර්ය සාධනය ඇගයීමට ලක් කරනු ලබනවා.