Search

ජංගම දුරකථයෙන් පිළිකා හඳුනාගන්න සිඩ්නි රෝහලක් මුල් පියවර තබයි

ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කර ඇස් ආශ්‍රිතව සිදු කරන පරීක්ෂණයක් මගින් සමේ පිළිකා අවදානම හඳුනා ගැනීමට හැකියාව ඇති උපකරණයක් අත්හදා බැලීමට සිඩ්නි රෝහලේ විශේෂඥයන් පියවර ගෙන තිබෙනවා.

පිළිකා හඳුනා ගැනීමට භාවිත කරනු ලබන කැමරාවක් වැනි උපකරණය ස්මාර්ට් ජංගම දුරකතනය සමග සම්බන්ධ කර ලබා ගන්නා ඇසේ ඡායාරූපයක් විශේෂිත යෙදුමක් වෙත යොමු කිරීමෙනුයි පිළිකා සම්බන්ධයෙන් පරීක්ෂා කරනු ලබන්නේ.

වෛද්‍ය ප්‍රවීණයන් පරීක්‍ෂා කරමින් සිටින්නේ මෙම ක්‍රමවේදය පරිගණකයක් භාවිතයෙන් සිදු කරනු ලබන පරීක්ෂණය තරම් ඵලදායීද යන්නයි.

ඇස් පරීක්ෂා කිරීමෙන් හඳුනා ගනු ලබන මෙම පිළිකාව මෙලනෝමා ලෙසට හැඳින්වෙන සම ආශ්‍රිතව හට ගන්නා පිළිකා වර්ගයක් බව සඳහන්.

ඔස්ට්‍රේලියාව සැලකෙන්නේ ලොව වැඩිම මෙලනෝමා ආසාදිතයන් සිටින රටක් ලෙසට වන අතර සෑම වසරකම පුද්ගලයන් 16,800ක් පමණ එම පිළිකාවට ගොදුරු වන බවට හඳුනාගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ මෙලනෝමා සමීක්ෂණ සහ ප්‍රතිකාර ආයතනයට අනුව එය ඉක්මනින් හඳුනා ගතහොත් ආසාදිතයන්ගෙන් සියයට 90ක්ම සැත්කමකින් සුව කළ හැකි බවටයි හෙළි කරගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර රැකියා දෙනවා කියා ශ්‍රී ලාංකිකයෙකුගෙන් රු.මිලියනයක් වංචා කරලා

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙන බවට පවසා මුදල් ලබා ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා පොලිසිට ජනතාව දැනුවත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Citizenship ගත් ප්‍රධාන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

2023–24 මූල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාව ලබාගත් සංකමණික රටවල් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

‘වසරේ ඔස්ට්‍රේලියානුවා සම්මානය’ ජීවිත අවදානම නොතකා සේවයට කැපවූ වීරවරියකට

“වසරේ ඔස්ට්‍රේලියානුවා” සම්මානය සදහා 2024 අප්‍රේල් 13 බොන්ඩි හන්දියේ දී සිදුවූ පිහි ඇනුම්වලට සම්බන්ධ ඝාතකයාව නැවැත්වූ සිඩ්නි පොලිස් නිලධාරියාව නම් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා පොලීසිය වසරක මෙහෙයුමකින් වෙන්න ගිය විශාල අපරාධයක් මැඩලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන ඩොලර් බිලියන 50ක් පමණ වටිනාකමින් යුත් රසායනික ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

Read More »

මුහුණු ආවරණය කරගත් මංකොල්ල කණ්ඩායමක් ගැන මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

මුහුණු ආවරණය කර ගනිමින් මෙල්බන්හි නිවසකට පැමිණි මන්කොල්ල කණ්ඩායමක් සම්බන්ධයෙන් පොලීසිය ජනතාවට දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »