Search

ඔස්ට්‍රේලියාවේ ඉන්න අයට බිත්තර කන්නත් බැරි වෙයි ද?

ඔස්ට්‍රේලියාව තුල බිත්තර හිඟයක් ඇතිවීමේ අවධානමක් සහ ඒ හරහා බිත්තර මිල ඉහළ යාමේ හැකියාවක් ඇති බවට වාර්තා වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ බිත්තර ගොවිපල කිහිපයක කුරුළු උණ වෛරසය පැතිරීම හේතුවෙන් එහි කිකිළියන් ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් මරා දැමීම මෙම තත්වයට මූලික හේතුවයි.

වෛරසය ගොවිපළ කිහිපයකට පැතිර යාම හේතුවෙන් ලක්ෂ පහකට අධික කිකිළියන් ප්‍රමාණයක් මරා දැමීමට සිදුවූ බව වික්ටෝරියා ප්‍රාන්ත ගොවිපළ හිමියන් සඳහන් කළා.

මේ හේතුවෙන් දිනකට බිත්තර 450,000ක පමණ හිඟයක් බිත්තර වෙළඳපොල තුල පවතින බව වික්ටෝරියා ෆාමර්ස් ෆෙඩරේෂන් හි නියෝජිතයන් පෙන්වා දෙනවා.

මේ අනුව ඉදිරි දින කිහිපය තුල වෙළඳ සැල් තුල බිත්තර හිඟයක් මතුවනු ඇති බව ඔවුන් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වසංගත තත්වය තම සැපයුම් ජාලවලට බලපෑමක් නොකරනු ඇති බව Woolworths සුපිරි වෙළදසැළ විසින් නිවේදනය කර තිබුණා.

සතුන් ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් මරාදැමීම නිසා ඇතිවූ බිත්තර හිඟය යතා තත්වයට පත්වීමට මාස 6 සිට වසර තුනක් දක්වා වූ කාලයක් ගතවිය හැකි බවයි වික්ටෝරියා ෆාමර්ස් ෆෙඩරේෂන් හි නියෝජිතයන් ප්‍රකාශ කළේ.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »