Search

ඔස්ට්‍රේලියාව සමග තරගයේ කාසියේ වාසිය ඕමාන කණ්ඩායමට

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ ඕමානය අතර තරගය අද පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ ඕමාන කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලබාදීමටයි.

තරගය පැවැත්වෙන්නේ බ්‍රිජ්ටවුන්හි Kensington Oval ක්‍රීඩාංගණයේදීයි.

ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙවර තරගාවලියට එක්ව සිටින්නේ බී කාණ්ඩයෙන් වන අතර අද පැවැත්වෙන මෙම තරගය මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ 10 වන තරගයයි.

ට්‍රිනිඩෑඩ් හි පැවති පුහුණු තරඟ සඳහා ක්‍රීඩකයන් නොමැති වීම හමුවේ ඔස්ට්‍රේලියාවට අභියෝගවලට මුහුණ දීමට සිදු වුව ද සම්පූර්ණ සංචිතය මේ වන විට සිටින අතර පළපුරුදු කණ්ඩායමක් තරඟාවලිය සඳහා සූදානම්ව සිටින බව සඳහන්.

අද තරගයට ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් David Warner, Travis Head, Mitchell Marsh (capt), Glenn Maxwell, Marcus Stoinis, Tim David, Matthew Wade (wk), Nathan Ellis, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood එක්ව සිටිනවා.

කෙන්සිංටන් ඕවල් පිටිය දඟ පන්දු යවන්නන්ට වාසි දායක වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මෙම ක්‍රීඩාංගනයේදී ඔස්ට්‍රේලියාව පන්දු වාර 20 තරගයකට මුහුණ දී ඇත්තේ එක් වරක් පමණයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »