
ඔස්ට්‍රේලියා එක්දින සහ ටෙස්ට් කණ්ඩායමේ නායක පැට් කමින්ස් මේජර් ලීග් (Major League) ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා ගිවිසුමකට එළඹ තිබෙනවා.
ඒ අනුව පැට් කමින්ස් ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝහි යුනිකෝන්ස් (Unicorns) කණ්ඩායම සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති බවයි ක්‍රිකට් පුවත් සේවා වාර්තා කළේ.
මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ඔහු හෙට ඇමරිකා එක්සත් ජනපදයේදී තරඟ බිමට පිවිසීමට ද නියමිතව තිබෙනවා.

පැට් කමින්ස් ඇමරිකාවේ Major League ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කරන Unicorns කණ්ඩායම සමග වසර 4ක සඳහා මෙලෙස ගිවිසුම් අත්සන් කර ඇති බව සඳහන්.
මේජර් ලීග් තරගාවලිය පළමු වරට 2023 දී පැවති අතර දෙවන වරට පැවැත්වෙන තරගාවලියට දැනටමත් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ නම් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරගාවලිය සඳහා ඇමරිකාවේ ප්‍රාන්ත නියෝජනය කරමින් කණ්ඩායම් 26ක් සහ කැනඩාවෙන් කණ්ඩායම් 3ක් ඉදිරිපත් වනවා.
ඒ අතර ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන ජේක් ෆ්‍රේසර් මැක්ගුර්ක් (Jake Fraser-McGurk), ස්ටීව් ස්මිත් (Steve Smith), ට්‍රැවිස් හෙඩ් (Travis Head) සහ ග්ලෙන් මැක්ස්වෙල් (Glenn Maxwell) ද වනවා.
Fraser-McGurk, පැට් කමින්ස් සමග Unicorns කණ්ඩායම නියෝජනය කරන ස්ටීව් ස්මිත් (Steve Smith), ට්‍රැවිස් හෙඩ් (Travis Head) සහ ග්ලෙන් මැක්ස්වෙල් (Glenn Maxwell) වොෂින්ටන් ෆ්‍රීඩම් (Washington Freedom) කණ්ඩායම සමග එක්වනු ඇති.
නවසීලන්තයේ රචින් රවීන්ද්‍ර වොෂින්ටන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අතර බංග්ලාදේශයේ ෂකීබ් අල් හසන් සහ දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් පසු ජූලි 6 වනදා සිට සිට 29 වනදා දක්වා Major League ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතයි.