මෙල්බන් අවට ජනතාවටත් Disney Land යන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියානුවන්ට ලෝක ප්‍රසිද්ධ Disney Land අත්දැකීමක් ලබා ගැනීම සදහා අවස්ථාව ලබා දීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

වික්ටෝරියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඩේවිඩ් ලිම්බ්‍රික් (David Limbrick) මෙම යෝජනාව ඉදිරිපත්කර ඇති අතර ඒ සඳහා සුදුසුම ප්‍රදේශය මෙල්බන් බවයි ඔහු සඳහන් කර ඇත්තේ

මේ සදහා ඇමරිකාව පදනම් වූ වෝල්ට් ඩිස්නි සමාගම මගින් උද්‍යාන සැලසුම් සහ ඉදි කිරීම් අංශයේ සහය ලබා ගැනීමට සූදානම් බව වාර්තා වනවා.

මන්ත්‍රීවරයා විසින් Disney Land ඉදි කිරීම සඳහා මෙල්බර්න් අවට ස්ථාන තුනක් නම්කර ඇති අතර ඒ Dandenong, Cranbourne හෝ Frankston යන ප්‍රදේශ තුනයි.

මෙම කලාප තුනෙක් එකක Disney land නිර්මාණය කිරීමට යෝජනා කර ඇති අතර ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම ඩොලර් බිලියන 60ක්.

මන්ත්‍රී ඩේවිඩ් ලිම්බ්‍රික් පැවසුවේ ජනප්‍රිය උද්‍යානය ප්‍රාන්තයේ විනෝදාස්වාදය සහ රැකියා වර්ධනයට ඉවහල් වනු ඇති බවයි.

දැනට කැලිෆෝනියා, පැරිස්, හොංකොං, ටෝකියෝ, ෂැංහයි සහ ෆ්ලොරිඩාහි Disney land ඉදිකර ඇති අතර නුදුරේදීම ඔස්ට්‍රේලියානුවන්ටත් එම අත්දැකීම ලබා ගැනීමට හැකිවනු ඇති.

වික්ටෝරියා සංචාරක අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වෝල්ට් ඩිස්නි සමාගම සමග සාකච්ඡා කිරීමට සුදානමක් පවතින අතර වික්ටෝරියා ප්‍රාන්තයේ Disneyland උද්‍යානයක් පිහිටුවීමට අවශ්‍ය සහාය ලබා දීමට වෝල්ට් ඩිස්නි සමාගම සූදානම් බව ද සඳහන්.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »