ඔස්ට්‍රේලියා කණ්ඩායම අද T20 ලෝක කුසලාන තරග බිමට

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා.

ඒ ඕමාන කණ්ඩායම සමගයි.

මෙරට වේලාවෙන් පෙරවරු 10.30ට තරගය ආරම්භ වන අතර එය බ්‍රිජ්ටවුන්හි Kensington Oval ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙවර තරගාවලියට එක්ව සිටින්නේ බී කාණ්ඩයෙන් වන අතර අද පැවැත්වෙන මෙම තරගය මෙවර පන්දුවාර 20 තරගාවලියේ 10 වන තරගයයි.

ඔස්ට්‍රේලියාව 2021 වසරේදී පන්දු වාර 20 ලෝක කුසලානයක් ජයග්‍රහණය කර තිබෙනවා.

පසුගිය 2023 වසරේ ලෝක ටෙස්ට් ශූරතාවලිය සහ එක්දින ලෝක කුසලාන ජයග්‍රහණ ද දිනා සිටින ඔස්ට්‍රේලියාව ICC තරගාවලිවල පෙරමුණේ පසුවනවා.

ට්‍රිනිඩෑඩ් හි පැවති පුහුණු තරඟ සඳහා ක්‍රීඩකයන් නොමැති වීම හමුවේ ඔස්ට්‍රේලියාවට අභියෝගවලට මුහුණ දීමට සිදු වුව ද සම්පූර්ණ සංචිතය මේ වන විට සිටින අතර පළපුරුදු කණ්ඩායමක් තරඟාවලිය සඳහා සූදානම්ව සිටින බව සඳහන්.

කෙන්සිංටන් ඕවල් පිටියේදී දඟ පන්දු යවන්නන්ට වාසි දායක වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මෙම ක්‍රීඩාංගනයේදී ඔස්ට්‍රේලියාව පන්දු වාර 20 තරගයකට මුහුණ දී ඇත්තේ එක් වරක් පමණයි.

අද තරගයට David Warner, Travis Head, Mitchell Marsh (capt), Glenn Maxwell, Marcus Stoinis, Tim David, Matthew Wade, Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood එක් වනු ඇති බවටයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »