ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය පානයක මිල ඉහළ යාමේ අවදානමක්

ගෝලීය දොඩම් නිෂ්පාදන කර්මාන්තය අර්බුදවලට මුහුණ දීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දොඩම් යුෂ මිල ඉහළ යනු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ විශාලතම සැපයුම්කරු වන බ්‍රසීලයේ දොඩම් වගාකරුවන් දැඩි නියඟය සහ අස්වැන්නට බලපෑම් එල්ල කර ඇති රෝගයක් හේතුවෙන් පීඩාවට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

නිව් සවුත් වේල්ස් හි මිල්දුරා පළතුරු සමාගමේ ප්‍රධානියෙකු මාධ්‍ය වෙත පැවසුවේ මෙම තත්වය මත ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය උදෑසන පානයේ මිල ගණන් සියයට 20 කින් පමණ ඉහළ යනු ඇති බවයි.

ඔස්ට්‍රේලියාව තුළ දොඩම් නිෂ්පානය කරනු ලබන්නේ සියයට 1ක් පමණ වන අතර ඉතිරි අවශ්‍යතාව බ්‍රසීලය, මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කිරීම සිදු කරනු ලබනවා.

එහෙත් එම රටවල වගාකරුවන් තම භෝගවලට එල්ල වී ඇති පළිබෝධ උවදුරු හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රසීලයේ දොඩම් ගස්වලට වැළඳී ඇති රෝගය හේතුවෙන් එම ගස් සම්පුර්ණයෙන් ඉවත් කර නැවත සිටුවීමට අවශ්‍ය වනවා.

එය දිගු කාලීන ක්‍රියාවලියක් බැවින් මෙම දොඩම් යුෂ හිඟය ඉදිරියටත් ඔස්ට්‍රේලියාවට බලපෑමක් එල්ල කරනු ඇති බවටයි මත පලවී ඇත්තේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »