ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව ගැන අලුත්ම වාර්තා නිකුත් වෙයි

2024 වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරණ ශ්‍රී ලාංකීය සිසුන් සංඛ්‍යාව 17003ක් බව ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා අනුව හෙළිවී තිබෙනවා.

එම සිසුන් අතුරින් වැඩිම පිරිසක් ඉගෙනුම ලබන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ අධ්‍යාපන අයතනවල වන අතර එම අගය සටහන්ව ඇත්තේ 10971ක් ලෙසයි.

මෙම වසරේ ගත වූ කාලය තුළ පමණක් වික්ටෝරියා ප්‍රාන්තයේ අධ්‍යාපනයට පැමිණි ශ්‍රී ලංකික සිසුන් සංඛ්‍යාව 3355ක් බව වාර්තා වනවා.

දෙවනුවට වැඩිම ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අධ්‍යාපනය හදාරන ප්‍රාන්තය බවට බටහිර ඔස්ට්‍රේලියාව පත්ව ඇති අතර එහි ශ්‍රී ලංකික සිසුන් 1559ක් සිටින බව සඳහන්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික සිසුන් 1469ක් සිටින අතර ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ශ්‍රී ලාංකීය සිදුන් 1256ක් සිටින බවයි නව වාර්තාවල සඳහන්.

ශ්‍රී ලංකාවේ සිසුන් අඩුවෙන්ම සිටින ප්‍රාන්තය ලෙස නොදන් ටෙරිටරි නම්කර ඇති අතර එහි සිටින ලාංකික සිසුන් ප්‍රමාණය 110ක් වනවා.

දකුණු ඔස්ට්‍රේලියාවේ ලාංකිකයන් 1212ක්ක අධ්‍යාපනය හදාරමින් සිටින අතර ටස්මේනියාවේ ශ්‍රී ලාංකීය සිසුන් ගණන 282ක් සිටිනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »