දිගු සති අන්තයට සූදානම් වන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට ඉන්ධන ගැන දැනුම්දීමක්

එළඹෙන සති අන්තයේ ඉන්ධන මිල ඉහළ යාමට පෙර තම වාහනවලට ප්‍රමාණවත් වන ආකාරයෙන් ඉන්ධන ලබාගන්නැයි ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

දැනටමත් ඉහළ යමින් පවතින පෙට්‍රල් මිල දින කිහිපයකින් තවදුරටත් ඉහළ යාමට නියමිත බැවින් කඩිනමින් ඉන්ධන ලබා ගන්නා ලෙසටයි මෝටර් රථ හිමියන්ගෙන් ඉල්ලා ඇත්තේ.

තුන්වන චාල්ස් රජුගේ උපන් දින සැමරුම් හේතුවෙන් ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් වීම හමුවේ මෙවර ඕස්ට්‍රේලියානුවන්ට දිගු සති අන්තයක් ලැබී තිබෙනවා.

ඊට අමතරව (Ski) ක්‍රීඩා සමය ආරම්භයත් සමග සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර තුළ පෙට්‍රල් මිල ගණන් ඉහළම අගයට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සිඩ්නිහි, unleaded පෙට්‍රල්වල සාමාන්‍ය මිල ලීටරයක් ශත 196.5ක් වන අතර එය සති අන්තය වන විට ලීටරයක් ශත 207ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

සිඩ්නිහි ඩීසල් මිල මේ වන විට පවතින්නේ ලීටරයක් ශත 190.1ක අගයකයි.

Melbourneහි බොහෝ ස්ථානවල වර්තමානයේ පෙට්‍රල් මිල ලීටරයක් ​​ශත 180ට අඩුවෙන් අලෙවි කෙරෙන අතර ඇතැම් පිරවුම්හල්වල ශත 229 ඉක්මවා ගොස් ඇතැයි සඳහන්.

බ්‍රිස්බේන් සහ මෙල්බර්න්හි ඉන්ධන මිල ගණන් සමාන තත්වයක පැවතුන ද ඇඩිලේඩ් සහ පර්ත් යන නගර දෙකෙහිම සාමාන්‍ය මිල ලීටරයකට ශත 169ක් තරම් අඩු අගයක පවතින බවයි වාර්තා වන්නේ.

සියලුම ඉන්ධන පිරවුම්හල්වල සමාන මිල ගණන් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලා ඉන්ධන ලබා ගන්නා ලෙසට රියදුරන්ට දැනුම් දී තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »