Search

ජපානයේ දරු උපත් ප්‍රමාණය වැඩි කර ගන්න අලුත් වැඩක්

ජපානයේ පහත වැටෙන උපත් අනුපාතය ඉහළ නැංවීමට ටෝකියෝ ප්‍රාදේශීය බලධාරීන් ඩේටින්ග් ඇප් (dating app) එකක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

මෙම App එක තම දුරකථන හෝ එවැනි උපාංග වෙත භාගත කර ගනු ලබන පුද්ගලයන් තනිකඩ ද, විවාහ වීමට කැමැත්තෙන් සිටින්නේ ද යන්න පිළිබඳ ප්‍රකාශයකට මෙන්ම ඔවුන්ගේ වැටුප් සනාථ කරන ලිපියකට ද අත්සන් කිරීමට අවශ්‍ය වන බවයි වාර්තා වන්නේ.

ටෝකියෝ පළාත් පාලන නිලධාරියෙකු සඳහන් කළේ නව යෙදවුම මෙම වසර තුළ එළිදැක්වීමට අපේක්ෂා කරන බවයි.

සමස්ත ජපානය තුළ පහත වැටෙමින් ඇති ජාතික උපත් අනුපාතය ඉහළ නැංවීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වල කොටසක් ලෙස ටෝකියෝ බලධාරීන් ඔවුන් විසින්ම නිර්මාණය කළ මෙම යෙදවුම හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

නව යෙදුම ක්‍රියාත්මක කිරීම භාරව සිටින ටෝකියෝ රජයේ නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ජපානයේ විවාහ වීමට කැමති පුද්ගලයින්ගෙන් සියයට 70ක් සහකරුවෙක් හෝ සහකාරියක් සොයා ගැනීමට මෙවැනි නවීන ක්‍රම භාවිත නොකරන බවයි.

පසුගිය 2023 වසර අවසානයේ සිට නොමිලේ ලබා දී ඇති මෙම යෙදවුම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස පරිශීලකයාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ඔවුන්ගේ නිවැරදි තොරතුරු සියල්ල ලබා දීමට සිදුවනු ඇති.

2023 වසරේදී ජපානයේ උපත් සංඛ්‍යාව අවම අගයක් දක්වා පහත වැටුණු අතර එම අලුත උපන් බිළිඳුන් ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් රට තුළින් වාර්තා වූ බව සඳහන්.

ජපාන රජයේ මූලික දත්ත වලට අනුව එරට උපත් සංඛ්‍යාව අඛණ්ඩව අටවන වසරටත් පහත වැටී ඇති අතර පසුගිය වසරේ ඉපදුණු බිළිඳුන් සංඛ්‍යාව 758,631ක් වනවා. එම වසරේ සිදු වූ මරණ සංඛ්‍යාව 1,590,503ක් බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය මත තාක්ෂණික දැවැන්තයෙකු වන ජපානය ශ්‍රම හිඟයකට මුහුණ දෙමින් සිටින අතර උපත් ඉහළ නැංවීමේ අරමුණින් අගමැති ෆුමියෝ කිෂිඩා පවුල් සඳහා මූල්‍ය ආධාර මෙන්ම මාපිය නිවාඩු ඇතුළු ප්‍රතිපත්ති ද ක්‍රියාවට නැංවීමට පොරොන්දු වී තිබෙනවා.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »