ලෝකයේ හොඳම ආහාර ගන්න පුලුවන් ඔස්ට්‍රේලියාවේ නගරය මෙන්න

2024 වස‌රේ ආහාර සඳහා ලෝකයේ හොඳම නගර 20 නම් කර තිබෙනවා.

Time Out සඟරාව විසින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇති අතර ලොව පුරා නගරවල ආහාර සුරක්ෂිතභාව, ආහාර ප්‍රමිතිය හා පිරිසිදු කම යන නිර්ණායක එහිදී සැලකිල්ලට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සාධාරණ මිල ගණන් යටතේ හොඳ තත්ත්වයේ ආහාර යන තේමා පාඨය මූලික කර ගත් සමීක්ෂණය මගින් ලොව හොඳම ආහාර ලබා ගත හැකි නගරය ලෙස නම් කර ඇත්තේ ඉතාලියේ නේපල්ස් (Naples) නගරයයි.

එහිදී ආහාරයට ගැනීමට හොඳම ආහාර වර්ගය ලෙස පීසා මර්ගෙරීතා (Pizza margherita) නම් කර තිබුණා.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන නගරය ලෙස දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් (Johannesburg) නම් කර ඇති අතර එහිදී ගත යුතු හොඳම ආහාරය ලෙස කෝටා සැන්ඩ්විච් (Kota sandwich) නම් කර තිබෙනවා.

ලෝකයේ හොඳම ආහාර ලබා ගත හැකි නගර අතර තුන්වන ස්ථානය ලෙසට පේරූ රාජ්‍යයේ ලීමා (Lima) නගරය නම් කර ඇති අතර සෙවීචේ (Ceviche) එහිදී අනුභව කළ යුතුම ආහාරය ලෙස සඳහන්.

එම ශ්‍රේණිගත කිරීමේ 17 වන ස්ථානය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය හිමිකරගෙන ඇති අතර ඕස්ට්‍රේලියන් ස්ටීක් (Australian steak) ‌එහි හොඳම ආහාර ලෙස දක්වා තිබෙනවා.

Time Out’s Best Cities for Food 2024

1. Naples, Italy
2. Johannesburg, South Africa
3. Lima, Peru
4. Ho Chi Minh City, Vietnam
5. Beijing, China
6. Bangkok, Thailand
7. Kuala Lumpur, Malaysia
8. Mumbai, India
9. Dubai, UAE
10. Portland, USA
11. Liverpool, UK
12. Medellín, Colombia
13. Seville, Spain
14. Porto, Portugal
15. Marrakech, Morocco
16. Lyon, France
17. Sydney, Australia
18. Montreal, Canada
19. Osaka, Japan
20. Copenhagen, Denmark

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »

වෙනස් කළ Student Visas නීති ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ පැහැදිළි කිරීමක්

Visitor Visa සහ Student Visas වෙනුවෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Read More »