නරේන්ද්‍ර මෝදි යළිත් ඉන්දීය අගමැති ධුරයට

මෙවර ඉන්දීය මහ මැතිවරණයෙන් වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කර ඇතැයි නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ, ඉන්දියාවේ පාලන බලය තහවුරු කරගැනීමට අවශ්‍ය, 272 ඉක්ම වූ ආසන සංඛ්‍යාවක් සන්ධානය ජයග්‍රහණය කිරීමත් සමගයි.

අද උදෑසන ඉන්දීය මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද ප්‍රතිඵලයට අනුව නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය ලබා ගත් ආසන සංඛ්‍යාව 286ක්.

ඒ අනුව නරේන්ද්‍ර මෝදි 3 වැනි වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඉදිරියේදී දිවුරුම් දෙනු ඇති.

ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ ඉන්දීය සන්ධානය ආසන 202ක් දිනා ගෙන තිබෙනවා.

මන්ත්‍රී මණ්ඩලයේ ආසන 543ක් සඳහා පසුගිය අප්‍රේල් 19 වනදා ආරම්භ වූ මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත් වුණා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »