TikTok එකටත් සයිබර් ප්‍රහාරයක්

ලොව ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ සහ ප්‍රසිද්ධ සන්නාම අයත් TikTok ගිණුම් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

TikTok සමාගම පවසන්නේ මෙය ප්‍රසිද්ධ සන්නාම සහ ජනප්‍රිය පුද්ගලයින් කිහිප දෙනෙකු ඉලක්ක කරගත් සයිබර් ප්‍රහාරයක් වන අතර අනෙකුත් පරිශීලකයන්ට කිසිදු බලපෑමක් නොමැති බවයි.

ඒ අනුව “ඉතා සීමිත” ගිණුම් සංඛ්‍යාවක් අවදානමට ලක්ව ඇති අතර සයිබර් ප්‍රහාරයේ අපරාධකරුවන් හෝ එය සිදු කළ ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු TikTok සමාගම ප්‍රසිද්ධියට පත් කර නැහැ.

මෙලෙස සයිබර් ප්‍රහාරයට ලක්වූ ගිණුම්වල CNN පුවත් සේවයට අයත් ගිණුමක්ද පවතින අතර මේ වන විට එම TikTok ගිණුම යථා තත්ත්වයට පත් කිරීමට සහ ඉදිරියට ගෙනයාම අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

මීට අමතරව ලෝක ප්‍රසිද්ධ රියැලිටි තරුවක් වන පැරිස් හිල්ටන්ගේ ගිණුම ද සයිබර් අපරාධකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබුණා.

ඇගේ TikTok ගිනුමෙහි මිලියන 10කට වැඩි පරිශීලකයින් පිරිසක් සිටින බවයි වාර්තා වන්නේ.

TikTok සමාජ මාධ්‍ය වේදිකාවේ ස්ථාවර පැවැත්ම පවත්වා ගැනීමට සමාගම කැපවී සිටින බවත් ලොව පුරා පරිශීලකයන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට කැපවී සිටින බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර ඇමරිකාව ටික්ටොක් සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට සූදානම් වන පසුබිමක පසුගිය සෙනසුරාදා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව ටික්ටොක් ගිණුමක් සාදා ගැනීමත් සමග මිලියන පහකට වැඩි පිරිසක් ඔහු වටා එක්ව තිබුණා.

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »