ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ගැන අද ලැබුණු හිතා ගන්න බැරි ආරංචිය

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය වසර තුනකට ආසන්න කාලයක් තුළ දුර්වලම වර්ධනයක් වාර්තා කරමින් ඇති බව නවතම වාර්තා මගින් තහවුරු කර තිබෙනවා.

මෙම වසරේ පළමු මාස තුන තුළ දළ දේශීය නිෂ්පාදිතය සියයට 0.1කින් පමණක් ඉහළ යාම සමඟ ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය අර්බුධයකට ලක්වීමේ අවදානමකට පත්ව ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නව ජාතික ගිණුම් දත්ත මගින් මෙරට දුර්වල ආරථික වර්ධනය තහවුරු කර තිබෙනවා.

2021 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු වාර්තා වූ අඩුම දළ දේශීය නිෂ්පාදිතය ලෙසටයි සැලකෙන්නේ.

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩව පස්වන කාර්තුවේදීත් පහත වැටී ඇති අතර එය ගතවූ මාර්තු මාසයේදී සියයට 0.4 කින් සහ මුල්‍ය වර්ෂය පුරා සියයට 1.3 කින් පහත වැටී තිබෙනවා.

සංචිත බැංකු අධිපති මිචෙල් බුලොක් ප්‍රකාශ කළේ ඉතා දුර්වල ආර්ථිකය තත්ත්වයක ජනතාව පසුවන බවයි.

ජීවන වියදම් අර්බුධය හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් තමන්ට කැමැත්තෙන් පසුවන දේ සඳහා වියදම් කපා හැර ඇති බව ද ඇය පෙන්වා දෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »