ලෝක ශ්‍රේණිගත කිරීමෙන් මෙල්බන් සහ සිඩ්නි විශ්ව විද්‍යාලවලට ලැබුණු තැන

ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල තුනක් 2025 වසරේ ලොව හොඳම විශ්ව විද්‍යාල 20 අතරට නම් කර තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රවීණයන් අනතුරු අඟවන්නේ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සීමා කිරීමේ යෝජනාව හේතුවෙන් මෙම ප්‍රගතියට තර්ජනයක් බවයි.

අද නිකුත් කරන ලද ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල 13 වන ස්ථානය මෙල්බර්න් විශ්ව විද්‍යාලයට හිමිව ඇති අතර එය හොඳම විශ්ව විද්‍යාල අතර ඇති එකම වික්ටෝරියානු ආයතනයයි.

මෙල්බර්න් විශ්ව විද්‍යාලය පසුගිය 2023 වසරේ 14 වැනි ස්ථානයේ සිට මෙලෙස 13 වන ස්ථානය දක්වා පැමිණ තිබෙනවා.

පසුගිය වසරේ 19 වන ස්ථානයේ සිටි සිඩ්නි විශ්වවිද්‍යාලය එක් ස්ථානයක් ඉහළට පැමිණ 18 වන ස්ථානයට හිමිකම් කියන අතර නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලය 19 වන ස්ථානයට පැමිණ තිබෙනවා.

මෙල්බර්න් විශ්ව විද්‍යාලය ලකුණු 88.9ක්, සිඩ්නි විශ්ව විද්‍යාලය ලකුණු 87.3ක් සහ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය ලකුණු 87.1ක් ලැබී ඇතැයි සඳහන්.

QS ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමට අනුව ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ඔවුන්ගේ ගෝලීය තත්ත්වයන් වැඩිදියුණු කර ඇති බවට පෙන්නුම් කෙරෙන බවයි වාර්තා වන්නේ.

ඇමරිකාවේ Massachusetts Institute of Technology ආයතනය 2025 වසරේ ලොව හොඳම විශ්ව විද්‍යාලය ලෙසට නම් කෙරුණු අතර ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලය දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ හාවඩ් විශ්ව විද්‍යාල පිළිවෙලින් තුන්වන සහ හතරවන ස්ථාන ලබා ගෙන තිබුණා.

ඔස්ට්‍රේලියා National University (30), මොනෑෂ් විශ්ව විද්‍යාලය (37), ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය (40), බටහිර ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලය (77), ඇඩිලේඩ් විශ්ව විද්‍යාලය (82) සහ සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලය (88) යන ආයතන ලොව හොඳම සරසවි 100 අතරට පැමිණ තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »