ඔස්ට්‍රේලියානුවන් පිරිසකට පීඩනයක් ගේන පනතක් අද පාර්ලිමේන්තුවට

පසුව ගෙවීමේ පදනම යටතේ සිදු කෙරන මිලදී ගැනීම් සහ මුදල් ලබා ගැනීම් සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා.

එවැනි මිලදී ගැනීම් සඳහා දැඩි රෙගුලාසි සහ නීති නිකුත් කිරීමට රජය සූදානම් වන බැවින් තරුණ ඔස්ට්‍රේලියානුවන් ණය මර්දනයකට මුහුණ දෙනු ඇති බවයි විචාරකයන් සඳහන් කළේ.

Afterpay සහ Zip වැනි මුල්‍ය සේවා සපයන්නන් මෙම නව පනත යටතට ගෙන ඒමට හේතු වනු ඇති බව සඳහන්.

එවැනි පසු ගෙවුම් සේවා ලබා ගන්නා පුද්ගලයන්ට ණය මුදලක අවශ්‍යතාවය සහ ඔවුන්ගේ ආදායම ඔප්පු කිරීමට සිදු වනු ඇති.

සහකාර භාණ්ඩාගාරික ස්ටීවන් ජෝන්ස් පැවසුවේ මෙය පාරිභෝගික ආරක්ෂාවේ ද වැදගත් කොටසක් බවයි.

ක්‍රෙඩිට් කාඩ්පතකට වඩා මෙවැනි මුල්‍ය සේවාවලට වත්මන් තරුණ පරපුර යොමුවී ඇති බැවින් ඔවුන්ට නව නීති හේතුවෙන් දැඩි බලපෑමක් සිදුවනු ඇති බව ඔහු සඳහන් කළා.

මෙම පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

නව නීති අනුව මුල්‍යාධාර සපයන්නන්ට ඔස්ට්‍රේලියානු ණය බලපත්‍රයක් තිබීම, ඔස්ට්‍රේලියා මූල්‍ය පැමිණිලි අධිකාරියේ සාමාජිකයෙකු වීම සහ ආරවුල් විසඳීමේ ක්‍රියාවලීන් තිබීම අවශ්‍ය වනු ඇති.

එමෙන්ම ගනුදෙනුකරුවන්ට ණය ලබා දීම සුදුසු ද යන්න සහතික කිරීම සඳහා නව ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය තත්ත්වයන් පරීක්ෂා කිරීමට ද ඔවුන්ට සිදු වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »