මැතිවරණයෙන් මෝදිගේ පක්ෂයට නොසිතූ ප්‍රතිඵලයක්?

ඉන්දීය මහ මැතිවරණයේ දැනට වාර්තා වන නිල නොලත් ප්‍රතිඵලවලට අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සන්ධානයට තුනෙන් දෙකක බහුතර බලය අහිමිවනු ඇති බවට දේශපාලන විචාරකයන් පුරෝකථනය කර තිබෙනවා.

මිලියන 969ක පිරිසක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලැබූ ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස ද සැලකෙන ඉන්දීය මහ මැතිවරණය ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් මස 19 වැනිදායි.

දින 44ක් පුරා අදියර 7ක් යටතේ පැවති මැතිවරණය පසුගිය සෙනසුරාදා අවසන් වූ අතර ඡන්ද ගණනය කිරීම මේ වනවිටත් ක්‍රියාත්මක වන අතර එහි ප්‍රතිඵල ද නිකුත් වෙමින් පවතිනවා.

බොහෝදෙනා අපේක්ෂා කළ ආකාරයෙන්ම මෙවර මැතිවරණයෙන් ද පෙරමුණ ගෙන ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයයි.

කෙසේ නමුත් මැතිවරණ කොමිසම නිකුත් කළ නිල නොවන ප්‍රතිඵලවලට අනුව මෝදිගේ සන්ධානය දිනාගෙන ඇත්තේ ආසන 291ක සුළු බහුතරයක් පමණක් බවයි වාර්තා වන්නේ.

දැනට වාර්තා වන නිල නොලත් ප්‍රතිඵලවලට අනුව මෝදිගේ සන්ධානයට තුනෙන් දෙකක බලය අහිමිවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

භාරතීය ජනතා පක්ෂය 2019 මැතිවරණයේදී තනිව තරග කර ආසන 303ක් ලබාගත් අතර මෙවර සන්ධානය යටතේ තරග කරමින් ආසන 400ක් දිනාගැනීමයි මෝදිගේ සැලසුම වී තිබී ඇත්තේ.

වත්මන් රජයේ ප්‍රබල ප්‍රතිවාදියා වන ඉන්දීය කොංග්‍රසය ද අයත් ඉන්ඩියා සන්ධානය ලෝක් සභා ආසන 233ක් ලබා ප්‍රබල තත්ත්වයක පසු වනවා.

කෙසේ වෙතත් අපේක්ෂිත ආකාරයෙන්ම අගමැති නරේන්ද්‍ර මෝදි අඛණ්ඩ තුන්වැනි වරටත් ඉන්දියාවේ අගමැති ධුරයට පත්වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙතෙක් තුන්වරක් ඉන්දීය අගමැති ධුරය දරා ඇති එකම පුද්ගලයා වන්නේ නිදහස් ඉන්දියාවේ පළමු අගමැතිවරයා වන ජවහර්ලාල් නේරු පමණයි.

2019 මැතිවරණයේදී ඡන්ද 55,000කින් පරාජයට පත්වූ ඉන්දීය කොංග්‍රස පක්ෂ නායක රාහුල් ගාන්ධි මෙවර මැතිවරණයට ඉදිරිපත්වන්නේ රායි බරේලි ආසනයෙන්.

තවත් ආසන 18ක ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව තිබුණ ද රාහුල් ගාන්ධිගේ සන්ධානයට මෝදිගේ බලය අභිබවා යාමට නොහැකි වනු ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත් අවසන් වරට 2019 වසරේ පැවැති මැතිවරණය හා සැසදීමේදී මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය කැපී පෙනෙන කඩා වැටීමකට මෙවර ලක්ව තිබෙනවා.

ගියවර ඔවුන් ආසන 352ක අති බහුහර බලයක් හිමිකරගනිදී, ගාන්ධිගේ ඉන්දියා සන්ධානය හිමිකරගත්තේ ආසන 91ක බලයක් පමණයි.

නමුත් මෙවර ඔවුන් දැනටමත් එම ආසන සංඛ්‍යාව 227ක් දක්වා ඉහළ දමාගෙන සිටීම විශේෂත්වයක්.

මේ අතර මෝදි රජය ලබා ඇති අනපේක්ෂිත පසුබෑම හමුවේ ඉන්දීය කොටස් වෙළෙඳ පොළ තාවකාලිකව කඩා වැටීමකට ලක්ව ඇතැයි ද වාර්තා වනවා.

ඒ අනුව කොටස් මිල සියයට 5 කින් පහත වැටී ඇති බවයි සඳහන් වන්නේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »