සිඩ්නි ජනතාවට අද (05) සිට අලුත් App එකක්

ආහාර අපතේ යාම වළක්වා ගැනීමේ අරමුණින් අද සිට සිඩ්නි ජනතාවට නව යෙදවුමක් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා.

ෆුඩි බෑග් (Foody Bag) නම් මෙම යෙදවුම මගින් දිනය අවසානයේදී ඉතිරි වන ආහාර ඉවත දැමීමෙන් තොරව සියයට 50ක වැනි වට්ටමක් යටතේ ජනතාවට අලෙවි කෙරෙනු ඇති.

දිනය අවසානයේ ඉතිරි වන ආහාර පිළිබඳ සිඩ්නි ජනතාවට මෙම යෙදවුම මගින් පණිවුඩයක් ලබාදීමට කටයුතු යොදා ඇති අතර එමගින් අලෙවිය සඳහා ඉතිරි වූ ආහාර ඇත්නම් එම තොරතුරු සෘජුවම ජනතාවට දැන ගැනීමට හැකි වනවා.

මෙම යෙදවුම මීට වසර තුනකට පෙර පර්ත්හි දියත් කරන ලද අතර එමගින් දැනටමත් ආහාර ද්‍රව්‍ය 150,000 කට අධික ප්‍රමාණයක් අපතේ යාමෙන් වැළකී ඇති බවයි යෙදවුමේ නිර්මාතෘ ස්ටුවර්ට් කිඩ් ප්‍රකාශ කළේ.

පරිසර දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව සාමාන්‍ය ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වසරකට ආහාර කිලෝ 312ක් ඉවත දමන අතර එය ඩොලර් 2500ක් මුදලක් අපතේ යාමක් මෙන්ම ගෘහස්ථ ආහාර නාස්තියට ද බලපෑමක් බව සඳහන්.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »