බ්‍රිස්බේන් ඔලිම්පික් උළෙල ඉලක්ක කර ශ්‍රී ලංකා රජයෙන් නව වැඩපිළිවෙළක්

2032 වසරේ බ්‍රිස්බේන් හි පැවැත්වෙන ඔලිම්පික් උළෙල ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා රජය නව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

බ්‍රිස්බේන් ඔලිම්පික් උළෙල සඳහා පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව හවුල්කාරිත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ.

ශ්‍රී ලංකාව බ්‍රිස්බේන් ඔලිම්පික් උළෙලේදී පදක්කම් දිනන රටක් බවට පත් කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ සහයෝගය ඇතිව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශ සැලසුම් කර ඇතැයි සඳහන්.

2028 වසරේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් උළෙලට සහභාගී වී සැලකිය යුතු මට්ටමේ දස්කම් දැක්වීමට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව සැලසීමට ද සැලසුම් කර තිබෙනවා.

එම අරමුණු ඉටු කර ගැනීම සඳහා යෝජිත වැඩසටහන වෙනුවෙන් අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »

වෙනස් කළ Student Visas නීති ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ පැහැදිළි කිරීමක්

Visitor Visa සහ Student Visas වෙනුවෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Read More »